Bluetooth තාක්ෂණය.


1994 වර්ශයේදී එරික්සන් සමාගමේ සේවය කල ජැක් හාට්සන් සහ ස්වෙන් මැටිසන් යන පර්යේශකයින් දෙදෙනා විසින් එකවර උපාංග 8 ක් අතර කිසිදු ගැටළුවකින් තොරව වයර්ලස් ආකාරයට දත්ත හුවමාරු කල හැකි තාක්ෂණයක් සොයාගන්නාලදී.එකල එය MC – link [ Multicom Municator link ] නම් විය.දැනට භාවිතා වන Bluetooth තාක්ෂණයේ ආරම්භය වන්නේ මෙම MC- link තාක්ෂණයයි.

MC – link තාක්ෂණයට Bluetooth යන නම ලැබී ඇති ආකාරය අපූරුය.ක්‍රිස්තු වර්ශ 958 දී ඩෙන්මාකයත් නොර්වේ රටේ කොටසකුත් පාලනය කල හෙරල්ඩ් බ්ලූටූත් නම් රජවරයෙකු එකල එකිනෙකා අතර ගැටුම් ඇති කරගත් ගෝත්‍ර 8 ක් සමගි කිරීමට සමත් වුනි.එමෙන්ම 1994 වර්ශයේදී මෙම MC – link තාක්ෂණය සොයාගනු ලබන්නේද ඩෙන්මාකයේදීයි.මෙහිදී මෙම MC – link තාක්ෂණයටද එකවර උපාංගයන් 8 ක් අතර ගැටවවකින් තොරව දත්ත හුවමාරු කරන්නට හැකි වීම හේතුවෙන් එදා හෙරල්ඩ් බ්ලූටූත් රජුට ගෝත්‍ර 8 ක් සමගි කරන්නට පුළුවන් වූවා සේ මෙම MC -link තාක්ෂණයට විවිධ විද්‍යුත් උපාංග 8 ක් සමගි කරන්නට හැකි වීම නිසා මෙම MC – link තාක්ෂණය හෙරල්ඩ් බ්ලූටූත් රජුගේ කතාව පාදක කර ගනිමින් Bluetooth යනුවෙන් නම්කෙරිනි.

Bluetooth තාක්ෂණය අනෙකුත් වයර්ලස් තාක්ෂණයන්ගෙන් වෙනස් වන්නේ මෙම තාක්ෂණයට පෙර සදහන් කල පරිදිම එකවර විවිධ උපාංග 8 ක් අතර දත්ත හුවමාරු කරන්නට හැකිවීමත්, IR වලදී මෙන් උපාංග කිට්ටු කර එක එල්ලේ තැබීම අනවශ්‍ය නිසාත්, මීටර සියයක වපසරියක් ඇතුලත ඹ්නෑම තැනක ඇති උපාංගයක් සමග අනෙක් උපාංගයට පහසුවෙන් සම්බන්ද වීමට හැකි වීමත්, අඩු බලරේඩ්යෝ තරංග දත්ත සම්ප්‍රෙශණය සදහා යොදා ගැනීමත් සහ අඩු බලශක්තියක් වැය කරමින් ප්‍රයෝජන ගන්නට හැකි වීමත් නිසාය.

Bluetooth තාක්ෂණයේදී යොදාගන්නේ 1 mW සිට 100 mW දක්වා වන ශක්ති වැය වීමක රේඩියෝ තරංගයන්ය.එය දුරකථන ඇමතුමකදී භාවිතා කරන 3W ශක්තියට වඩා 3000 ගුණයක අඩු තරංගයකි.මෙහිදී Bluetooth ආවරණ කලාපය ප්‍රබලතාව අනුව කොටස් තුනකි.එය පහත රූපයෙන් දැක්වේ.

image

මෙහිදී යොදාගන්නා රේඩියෝ තරංග 2.45 GHz සංඛයාතයෙන් යුක්ත වේ.මෙම සංඛ්‍යාතයෙන් දත්ත හුවමාරු වන වේගය දැනට ඇති Bluetooth තාක්ෂණ සංස්කරණ තුන අනුව විවිධ අගයන් ගනී.එනම් 1994 වර්ශයේදී පැමිණි Bluetooth 1.0 සංස්කරණයේදී දත්ත හුවමාරු වේගය 1 Mbps වේ.දෙවනුව 2004 වර්ශයේදී පැමිණි Bluetooth 2.0 සංස්කරණයේදී දත්ත හුමවාරු වේගය 3 Mbps විය.දැනට භාවිතයේ ඇති නවතම සංස්කරණය වන 2009 දී පැමිණි Bluetooth 3.0 හි දත්ත හුවමාරු වේගය 480 Mbps වේ.

Bluetooth තාක්ෂණය් ඇති තවත් එක් සුවිශේෂීතාව වන්නේ SSFH [ Spread Spectrum Frequency Hopping ] නම් උප තාක්ෂණයක් භාවිතා කරමින් Bluetooth නොවන අනෙකුත් තාක්ෂණයන්ගෙන් යුතු ජාල වලට බාදා නොකිරීමයි.

මෙම SSFH උප තාක්ෂණයේදී සිදු වන්නේ 100 m වපසරියේ යුතු ප්‍රදේශයක් තුල එකිනෙකට වෙනස් සංඛ්‍යාත 79 ක් ප්‍රයෝජනයට ගනිමින් ඒවා අතර මාරු වෙමින් දත්ත හුවමාරු කිරීමයි.රූපවාහිනී තරග ඇතුලු සියල්ල Bluetooth තාක්ෂණයෙන් ප්‍රයෝජනයට ගනී.මෙහිදී තත්පරයක් තුලදී සංඛ්‍යාත 1600 කට මෙසේ මාරුවෙනු ලැබේ.මෙම හේතුවෙන් අනෙකුත් තාක්ෂණයන්ගෙන් යුතු ජාල වලට බාදා වීමක් කිසිලෙසකින්වත් සිදු වන්නේ නැත.එමෙන්ම දත්ත හුවමාරුවට බාධාවක් සිදු වූවත් එයද වේගය නිසා දැනෙන්නේ නැත.

මෙසේ Bluetooth තාක්ෂණයෙන් යුතු උපකරණයක් ක්‍රියාත්මක කල විට එය 100 m ඇතුලත ස්වයංක්‍රීයවම සම්ප්‍රේශණය වී අනෙකුත් විවිධ Bluetooth තාක්ෂණයෙන් යුතු උපකරණ අතර සම්බන්ද වීමට PAN [ Persinal Area Network ] වැනි ජාලයක් ගොඩනගා ගනු ලබයි.ඉන්පසු එම ජාලයේ ඇති උපකරණ අතර වයර්ලස් ලෙස දත්ත හුවමාරු කරන්නට පුළුවන.

මෙම Bluetooth තාක්ෂණයට IEE 802.15.1-2005 යන ප්‍රමිතිය ලබාදී ඇත.ඒ ඇමරිකා ඉලෙක්ට්‍රොනික් සහ ඉංජිනේරුවන්ගේ ආයතනය [ IEE - Institute of Electrical and Electronic Engineering ] විසිනි.එමෙන්ම මෙම Bluetooth තාක්ෂණය දියුනු කරමින් එහි අනාගතය ගැන තීරණය ගන්නේ Bluetooth තාක්ෂණයෙන් ප්‍රයෝජන ගන්නා සමාගම් වලින් ලැබෙන ආධාර මුදලින් යැපෙන, ලාභ නොලබන ආයතනයක් වන SIG [ Special Interest Group ] ආයතනයයි.මෙම ආයතනය පිහිටවනු ලැබූවේ 1998 වර්ශයේදී Ericsson, IBM, Intel, Nokia සහ Toshiba යන සමාගම් විසිනි.මේ වන විට මෙම SIG ආයතනය සමග ලොව පුරා Bluetooth තාක්ෂණයෙන් වැඩගන්නා සමාගම් 11000 ක් පමණ එක්වී ඇත.
Similar Videos

0 ඔබේ අද්හස්: